Kadawara Yahana - කබලෑව දෙවියෝ

කබලෑව දෙවියෝ


කබලෑව දෙවියන්ගේ උපත් කවි

එකවා දහසකි සක රජ                       වරුසේ
දෙසිය අසූ හතරකි බක්                      මාසේ
පුර පසලොස්වක ගුරු දින                  දවසේ
රැගෙන මෙපොත මෙපුරට ගොඩා    බැස්සේ
 
ගොඩ බැස සිංහලයට නොව            ලසිනා
මුදා බලමු පොත මැතිවර                 කියනා
මුදා එලනු පොතවට බැමි                 ලිහනා
එදා පැනපි ගුවනට සෘධි                  යේනා

කටුවල්ලට දෙවියෝ වැඩි                ගමනේ
සිව්මල් පොල් මුල්ලේ පොල්            සෙවනේ
වටවල් පොඩිකර ගිජිදකු               ලෙසිනේ
වටවල් පීර බියගන්                         වමිනේ

වයඹ පළාතට විශේෂයෙන් දැදුරු ඔය නිම්නයේ සිංහලයන් අතර දැඩි ලෙස ප්‍රචලිත දෙවි කෙනෙක් වන කබලෑව දෙවියෝ ඉතා බල සම්පන්න ප්‍රාදේශික දෙවි කෙනෙක් ලෙස හඳුන්වනු ලැබේ.මෙම ප්‍රදේශයේ වැසියන් "හූනියම් දේවතාව වශයෙන් සලකනු ලබන්නේ කබලෑව දෙවියාය.ඒ බව ඔහු වෙනුවෙන් ගැයෙන කෝල්මුර කවියකින් වටහා ගතහැක.

ආ නියමේ මල් යහන         වඩිනවා
මේ නියමේ දුන් මේ පුද       ලබනවා
මේ නියමේ සව් සත         ගොඩලනවා
හූනියම් දෙවි යහන            වඩිනවා

වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුලියාපිටිය මැතිවරණ කොට්ඨාශයේ කබලෑව නැමති ග්‍රාමයේදී මතුමා මීට වසර 5000 කට පෙර උපත ලබා ඇත.එකල එය  කබලෑවගම් නුවර විය."කබලෑවේ බණ්ඩාර, කබලෑවේ මුත්ත, කබලෑවේ මුදියන්සේ යන නම් වලින්ද හැඳින්වෙන මේ  දෙවියන් පිළිබඳ උත්පත්ති කථා කිහිපයක්ම ඇත.
එක්
 ජනප්‍රවදයක් නම් කුරුණෑගල පළාතේ දිග්ගල නම් ග්‍රාමයේ එක් උපාසකයෙක් සිටියේ ය.ඔහු දිනක් මාතර දක්වා වන්දනාවේ ගොස් ඇත.අතර මගදී එක් පුද්ගලයෙක් උපාසක තැනට පුස්කොළ පොතක් දුන්නේ ය.පොත දෙන අතර ඔහු මෙසේ ද කීවේය."කවදාවකවත් මේ පොත් ලිහන්න එපා......" එසේ කරන බවට උපාසක තැන පොරොන්දු වී ගෙදර පැමිණි උපාසක තැන එම පුස්තකය පෙට්ටගමේ තබා ආරක්ෂා කළ අතර කාලයකට පසු එම නිවසට පැමිණි දොඩම්පාවුල නම් ග්‍රාමයේ විසූ අයකු එම පොතෙහි බලගතු මන්තර ඇති බවට සැක කරමින් සොරකම් කරන්නට විය.ගෙදර ගොස් පොත ලිහන්නට විය.පොත ලිහනවාත් සමඟම ඒ තුළින් යකෙකු පිටට පැන්නේය.පසු කලෙක දොඩම් පාවුල දෙවියන් වශයෙන් ප්‍රසිද්ධියට පත් වුණේ මෙම යකා බවට විශ්වාසයක් පවතී.පසුව මෙම යකා ගම්වාසීන්ට මහත් හිරිහැරයක් කළ අතර කබලෑවේ රාළ නක් යකදුරෙකු විසින් ඔහුව දමනය කරන හදී.එතැන් සිට දොඩම් පවුල දෙවියෝ මහජනතාවට සෙත් කරන දෙවි කෙනෙක් බවට පත් විය.කබලැවේ රාළ  කබලෑවේ දෙවියන් වශයෙන් ප්‍රකට වුණ බවට ජනප්‍රවාදයේ සඳහන් වේ.

තවත් ප්‍රවාදයකට අනුව පෙර සඳහන් යකා සිටි පොත මෙරටට ලැබී ඇත්තේ තෙළිඟු රටෙන් බවත් මාතර ප්‍රදේශයේ තිබුණු මෙම පොත පසුව සත් කෝරළයේ දිගල්ල හා දික් වැහැර යන ගම් දෙක අතර සඟවා තබන ලදී.මෙම පොත ලිහන ලද්දේ මෙහිදී බවට සඳහන් වේ.මෙම යක්ෂයා මෙල්ල කිරීමට මිනිසුන්ට විශාල පරිශ්‍රමයක් දැරීමට සිදු විය.කඹ විශාල ප්‍රමාණයක් ගෙන පොත බැඳි තැන කබලෑව වුණ  බව ජනප්‍රවාදයේ සඳහන් වේ.මෙම යක්ෂයා දෙවනුවද පොතින් පැන ගත් බවත්  ඉන් පසු මෙම යකාව හිර කර තැබීමට නොහැකි විය. එහෙයින් ජනතාව තම ගැලවීම සඳහා ඔහුට දෙවියකු  සේ සිතා පුද පුජ පැවැත් වූ අතර පසු කළෙක දී හෙතම කබලෑව දෙවියෝ කබලෑ හූනියන් යකා යන නම් වලින් පූජනීයත්වයට පත් ව ඇතැයි සඳහන් වේ.

කබලෑව දෙවියන් හූනියන් දෙවියන් මෙන් න්පුරු වැඩ වලට උදව් දෙන ප්‍රාදේශීය දෙවි කෙනෙකු වශයෙන් ද, සැලකේ.කබලෑව කෝවිල මෙතුමාගේ වාසභවනය වේ."රද්දලාන,කබලෑව,කුඹල්වල,ගොමු ගොමුව,වෑවල,කෝන්ගහ ගෙදර,වනමන්දාව,කොක්,එළුව,පිදුම,දික් හැර ගයියාල,දිගල්ල,වෑගමුව,පල්ලෙ පිටිය,බෝධි මුල්ල ,අස්වැද්දුම,දියකළැ මුල්ල,තම්මිට,කරව්ල,මවල,කරගහගෙදර,ගල්පොල,බෙම්මුල්ල,බෝගොඩ,කටුවැල්ල,වල්පොළ මුල්ල,කුලියාපිටිය,මුන්නේශ්වරම් වැවේ සිට තම්මැන්නා තොට දක්වා මෙම දෙවියන්ගේ ඇල්ම බැල්ම ඇති ප්‍රදේශ වශයෙන් සැලකේ.